මාසෙ මැදදී සල්ලි ඉවර වෙන එක නතර කරන්නේ කොහොමද? (ප්‍රායෝගික ක්‍රම 5ක්)

Budgeting

අපේ රටේ ජීවත් වන සාමාන්‍ය වැටුප් ලබන බොහෝ දෙනකු මුහුණ දෙන ප්‍රධානම ගැටළුවක් තමයි වැටුප ලැබී සති දෙකක් යද්දී මුදල් පසුම්බිය හිස් වීම. ධන උද්ධමනය සහ ජීවන වියදම ඉහළ ගොස් ඇති මේ කාලයේ, ඔබේ Salli ithuru karana krama නිවැරදි කර ගැනීම අත්‍යවශ්‍යයි. Salli manage karaganne kohomada කියන ප්‍රශ්නයට පිළිතුරු සපයමින්, මාසික ආදායම නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් මාසය පුරාම සතුටින් හා ණය නොවී ජීවත් වෙන්න පුළුවන් ක්‍රම කිහිපයක් මෙන්න.

පළමු වැදගත්ම පියවර වන්නේ ඔබේ වියදම් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමයි. බොහෝ දෙනෙක් පඩි ලැබුණු ගමන් මුදල් වියදම් කරන්නේ කිසිදු සැලැස්මක් නැතිවයි. නමුත් 50/30/20 ක්‍රමය වැනි බජට් ක්‍රමයක් භාවිත කිරීමෙන් ඔබට අවශ්‍ය සහ අනවශ්‍ය වියදම් වෙන් කර හඳුනාගත හැකියි. මෙහිදී ඔබේ මාසික ආදායමෙන් 50%ක් අත්‍යවශ්‍ය වියදම් සඳහාත්, 30%ක් පුද්ගලික අවශ්‍යතා සඳහාත්, 25%ක් හෝ ඉතිරි කොටස ඉතිරිකිරීම් හෝ ණය ගෙවීම් සඳහාත් වෙන් කර ගන්න.

දෙවනුව, මුදල් අතේ තිබෙන විට අනවශ්‍ය දේ මිලදී ගැනීමේ පුරුද්දෙන් වැළකී සිටිය යුතුයි. Shpping කරන විට හෝ Supermarket එකට යන විට කලින්ම ලැයිස්තුවක් සාදාගෙන යන්න. ලැයිස්තුවට පිටින් කිසිදු දෙයක් මිලදී නොගැනීමට වගබලා ගන්න. විශේෂයෙන්ම ණය කාඩ්පත් (Credit Cards) භාවිත කිරීමේදී ඉතා කල්පනාකාරී විය යුතුයි. ක්‍රෙඩිට් කාඩ් පතක් යනු අමතර ආදායමක් නොව, පසුකාලීනව ගෙවිය යුතු ණයක් බව මතක තබා ගන්න.

තුන්වන ප්‍රායෝගික පියවර වන්නේ ඉතිරිකිරීම පඩියෙන් පස්සේ කරන දෙයක් නොකර, පඩි ලැබුණු සැනින් ඉතිරිකිරීමේ ගිණුමකට මුදල් වෙන් කිරීමයි. "Pay Yourself First" කියන සංකල්පය මෙහිදී ඉතා වැදගත් වේ. මාසය අවසානයේ ඉතිරි වන මුදල් ඉතිරි කරන්න උත්සාහ කළහොත් බොහෝ විට ඉතිරි වන්නේ ශුන්‍යයකි. එම නිසා බැංකු ගිණුමෙන් ස්වයංක්‍රීයව (Automatic transfer) මුදල් ඉතිරිකිරීමේ ගිණුමකට මාරු වන අයුරින් සකස් කර ගන්න.

හතරවනුව, කුඩා පරිමාණයේ අනපේක්ෂිත වියදම් පාලනය කර ගැනීමයි. දිනපතා බාහිරින් කෑම ගැනීම, තේ බීම, බස් හෝ ටැක්සි වියදම් වැනි කුඩා වියදම් මාසය අවසාන වන විට විශාල මුදලක් බවට පත්වේ. ආහාර ගෙදරින් රැගෙන යාම සහ ප්‍රවාහන වියදම් සැලසුම් කිරීම මඟින් ඔබට විශාල මුදලක් ඉතිරි කර ගත හැකියි.,br>
පස්වන සහ අවසාන කරුණ වන්නේ හදිසි අරමුදලක් (Emergency Fund) ගොඩනගා ගැනීමයි. මාසික වැටුපෙන් සුළු ප්‍රමාණයක් හෝ එකතු කරමින් අවම වශයෙන් මාස තුනක වියදම් ආවරණය වන පරිදි හදිසි අරමුදලක් තබා ගැනීමෙන්, අනපේක්ෂිත රෝගී තත්ත්වයකදී හෝ හදිසි අවස්ථාවකදී වෙනත් අයගෙන් ණය වීමට සිදු වීම වළකාගත හැකියි.