මාසෙ අන්තිමට පඩියට මොකද වෙන්නේ? (What happens to the salary at the end of the month?)

Budgeting

ලංකාවේ දැනට පවතින උද්ධමනය සහ අධික ජීවන වියදම හමුවේ මාසෙ අන්තිම වෙනකොට ගිණුමේ ශේෂය බිංදුවට වැටීම අපේ රටේ බොහෝ දෙනෙකුට පොදු ප්‍රශ්නයකි. පඩිය ගත්ත ගමන් බිල් ගෙවලා, ණය වාරික ගෙවලා ඉවර වෙනකොට ඉතිරි කරන්න සතයක්වත් නැති වෙන අවස්ථා වැඩිය. "Salli ithuru karana krama" ගැන කොතෙක් සෙව්වත්, ප්‍රායෝගිකව එය ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි බොහෝ දෙනෙක් දන්නේ නැත. මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ ඔබේ මාසික පඩියෙන් කොටසක් සාර්ථකව ඉතිරි කරගන්නේ කෙසේද යන්නයි.

1. 50/30/20 රීතිය: ඔබේ පඩිය නිවැරදිව බෙදා වෙන් කරගන්න

මුදල් කළමනාකරණය සඳහා ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ක්‍රමවේදයක් වන්නේ 50/30/20 Budgeting Rule එකයි. ඔබේ පඩිය රුපියල් 50,000ක් හෝ 100,000ක් වේවා, එය පහත පරිදි කොටස් තුනකට බෙදන්න. පඩියෙන් 50%ක් අත්‍යවශ්‍ය වියදම් වන නිවාස කුලී, කෑම බීම, ජල/විදුලි බිල්පත් සහ ප්‍රවාහන වියදම් සඳහා වෙන් කරන්න. පඩියෙන් 30%ක් විනෝදාස්වාදය, ඇඳුම් පැළඳුම් සහ පිටතින් ආහාර ගැනීම වැනි ඔබේ කැමැත්තන් (Wants) සඳහා භාවිත කරන්න. පඩියෙන් ඉතිරි 20% පඩිය ගත්ත ගමන්ම වෙනම ඉතුරුම් ගිණුමකට යොමු කරන්න.

2. Pay Yourself First: පඩිය ලැබුණු ගමන්ම ඉතිරි කරන්න

බොහෝ දෙනෙක් කරන ලොකුම වැරැද්දක් වන්නේ මාසය පුරා වියදම් කර ඉතිරි වන මුදල ඉතිරි කිරීමට බලාපොරොත්තු වීමයි. නමුත් සිදු විය යුත්තේ පඩිය ලැබුණු සැනින්ම ඔබ ඉතිරි කිරීමට තීරණය කළ මුදල (20%) වෙනත් බැංකු ගිණුමකට යැවීමයි. ඔබ නොදකින මුදලක් වියදම් කිරීමට ඔබට නොහැකිය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන බැංකුවල ඇති Standing Orders (ස්වයංක්‍රීය පැවරුම්) පහසුකම භාවිත කර පඩිය වැටෙන දිනයටම ඉතිරි කරන මුදල වෙනත් high-interest savings account එකකට මාරු වන සේ සකසා ගන්න.

3. දෛනික වියදම් සටහන් කිරීම සහ Tracking Apps භාවිතය

තේ එකට, ගමන් වියදම්, එදිනෙදා ගන්නා කුඩා කෑම වර්ගවලට යන පොඩි පොඩි වියදම් එකතු වූ විට මාසය අවසානයේ විශාල මුදලක් බවට පත් වේ. මෙය "Money Leak" ලෙස හඳුන්වයි. සෑම දිනකම ඔබ කරන සෑම වියදමක්ම සටහන් කරගන්න. මේ සඳහා පොතක් භාවිත කළ හැකිය. එසේත් නැත්නම් Spendee, Monefy වැනි Mobile Apps භාවිත කළ හැකිය. මාසයක් තිස්සේ වියදම් සටහන් කර බලන විට ඔබේ මුදල් නිකරුණේ අපතේ යන ස්ථාන ඔබට පැහැදිලිවම හඳුනාගත හැකි වනු ඇත.

4. Emergency Fund එකක් සහ Fixed Deposits / Treasury Bills

ඉතිරි කරන මුදල සාමාන්‍ය savings account එකක තබා තැබීමෙන් උද්ධමනය හමුවේ එහි අගය අඩු වේ. ප්‍රථමයෙන් මාස 3-6ක ජීවන වියදමට සරිලන හදිසි අරමුදලක් (Emergency Fund) සකසා ගන්න. ඉන්පසුව ඉතිරි වන මුදල් Fixed Deposit Rates පරීක්ෂා කර හොඳම පොලියක් දෙන රාජ්‍ය හෝ ලියාපදිංචි පෞද්ගලික බැංකුවක තැන්පත් කරන්න. නැතහොත් Treasury Bills, Unit Trusts හෝ Colombo Stock Exchange (CSE) හි ආයෝජනය කිරීමෙන් උද්ධමනයට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබාගත හැකිය.