මූලික අයවැයකරණය සහ ඉතිරිකිරීමේ අදියර පසුකළ පසු, ඔබේ මූල්‍ය අනාගතය වෙනස් කරන වැදගත්ම පියවර වන්නේ මෙම වත්කම් ගොඩනැගීම සහ ආයෝජනය යි. මෙහිදී අපි මුදල් අප වෙනුවෙන් වැඩකිරීමට සලස්වන්නේ කෙසේදැයි පියවරෙන් පියවර අධ්‍යයනය කරමු.

01

ආයෝජනය යනු කුමක්ද සහ එය වැදගත් වන්නේ ඇයි?

ආයෝජනය යනු සූදුවක් නොව, ඔබේ අතිරික්ත මුදල් නිවැරදි වත්කම්වල යෙදවීම හරහා කාලයත් සමඟ ඒවා වැඩි කරගැනීමේ විද්‍යාත්මක ක්‍රියාවලියකි. මුදල් ළඟ තබාගැනීමෙන් පමණක් අනාගතයේදී එහි සැබෑ ක්‍රය ශක්තිය (Purchasing Power) ක්‍රමයෙන් පහළ යයි.

උද්ධමනයේ බලපෑම (Inflation)

කාලයත් සමඟ භාණ්ඩ හා සේවා මිල ඉහළ යෑම නිසා අද ඇති රුපියලේ අගය හෙට වන විට අඩුවේ. උද්ධමනය පරාජය කළ හැක්කේ ඉතිරිකිරීමෙන් පමණක් නොව, උද්ධමන අනුපාතිකයට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබාදෙන ආයෝජනවල මුදල් යෙදවීමෙනි.

ආයෝජනයට පෙර මූලික සූදානම

කිසිවිටකත් ණය මුදල්වලින් හෝ හදිසි අවශ්‍යතා සඳහා වෙන් කළ මුදල්වලින් ආයෝජනය නොකරන්න. අනිවාර්යයෙන්ම ණයෙන් නිදහස් වීම සහ මාස 3 සිට 6 දක්වා වියදම් ආවරණය වන පරිදි Emergency Fund එකක් සකස් කරගැනීමෙන් පසු පමණක් ආයෝජනයට පිවිසෙන්න.

සංයුක්ත පොළියේ බලය (Compounding & Rule of 72)

ඇල්බට් අයින්ස්ටයින් විසින් "ලෝකයේ අටවන පුදුමය" ලෙස හඳුන්වන ලද්දේ සංයුක්ත පොළියයි. මෙහිදී ඔබට ලැබෙන ලාභය මතද නැවත ලාභ ලැබීම සිදුවේ. Rule of 72 මඟින් ඔබ ආයෝජනය කරන මුදල් දෙගුණ වීමට ගතවන කාලය පහසුවෙන් ගණනය කළ හැක (72 / වාර්ෂික පොළී අනුපාතිකය = මුදල් දෙගුණ වීමට ගතවන වසර ගණන).

02

ආයෝජනය කරන්නේ කෙසේද? (The Process)

ආයෝජන ලෝකයට අඩිය තැබීම සඳහා ඔබ අනුගමනය කළ යුතු ප්‍රායෝගික පියවර මාලාව මෙන්න:

  • 1
    මූල්‍ය ගිණුම් විවෘත කිරීම: ඔබ තෝරාගන්නා ආයෝජන ක්ෂේත්‍රයට අදාළ නිල සහ නීත්‍යානුකූල ගිණුම් (උදා: කොටස් වෙළඳපොළ සඳහා CDS ගිණුමක් හෝ බැංකු/මියුචල් අරමුදල් ගිණුමක්) විවෘත කර ගැනීම.
  • 2
    ඩොලර්-කොස්ට් ඇවරේජින් (DCA - Dollar-Cost Averaging): එකවර විශාල මුදලක් (Lump-sum) වෙළඳපොළට දැමීම අවදානම් සහගත විය හැක. ඒ වෙනුවට මාසිකව ස්ථාවර මුදලක් ක්‍රමානුකූලව ආයෝජනය කිරීමෙන් වෙළඳපොළ උච්චාවචනයන්ගේ බලපෑම අවම කරගත හැක.
  • 3
    ආයෝජන අරමුදල් වෙන් කරගැනීම: ඔබේ මාසික ආදායමෙන් නිශ්චිත ප්‍රතිශතයක් (උදා: 10%ක් හෝ 20ක්) අනිවාර්යයෙන්ම ආයෝජනය සඳහා වෙන්කර ගැනීම සහ එය වෙනත් වියදම් සඳහා පාවිච්චි නොකිරීමේ විනය ඇති කරගැනීම.
03

ආයෝජන තෝරාගන්නේ කෙසේද?

සියලුම ආයෝජන එකිනෙකට වෙනස් ය. ඔබට ගැළපෙන හොඳම ආයෝජනය තෝරා ගැනීමට පහත සාධක සැලකිල්ලට ගන්න:

අවදානම සහ ප්‍රතිලාභ (Risk vs Return)

ඉහළ ප්‍රතිලාභ (High Return) ලැබෙන සෑම ආයෝජනයකම පාහේ ඉහළ අවදානමක් (High Risk) පවතී. ඔබේ වයස, මූල්‍ය ස්ථාවරත්වය සහ මනස්තත්වය මත ඔබට දරාගත හැකි අවදානම් මට්ටම (Risk Tolerance) කල්තියා තීරණය කරන්න.

ආයෝජන කාලසීමාව (Time Horizon)

ඔබේ ඉලක්කය වසර 1කට අඩු කෙටිකාලීන එකක්ද, නැතහොත් වසර 5-10 ඉක්මවන දිගුකාලීන එකක්ද? කාලසීමාව මත පදනම්ව ආයෝජන උපක්‍රම සම්පූර්ණයෙන්ම වෙනස් වේ.

ආයෝජන වංචා (Scams) හඳුනා ගන්නේ කෙසේද?

"කිසිදු අවදානමක් නොමැතිව කෙටි කලකින් ඔබේ මුදල් දෙගුණ කර දෙන බවට" පොරොන්දු වන ආයෝජන යෝජනා සහ Ponzi schemes වලින් සම්පූර්ණයෙන්ම වළකින්න. නීත්‍යානුකූල නියාමන ආයතන (උදා: ශ්‍රී ලංකා මහ බැංකුව හෝ SEC) මඟින් අනුමත නොකළ ආයෝජනවලට මුදල් යෙදවීමෙන් වළකින්න.

04

ආයෝජන සහ මූල්‍ය කළමනාකරණය

Investment & Money Management Guide

ස්ථාවර ආදායමක් කළමනාකරණය කරගන්නා ආකාරයේ සිට දීර්ඝ කාලීන ආයෝජන සහ ධනය වර්ධනය කරගන්නා ආකාරය දක්වා සියලුම මූලික උපදෙස් මෙහි ඇතුළත් වේ.

4.1

පදනම සකස් කරගැනීම (Financial Foundation)

ආයෝජනයට යොමු වීමට පෙර ඔබේ මාසික ආදායම නිවැරදිව කළමනාකරණය කරගත යුතු ආකාරය:

Fixed Income එකක් තියෙනවනම්

(මුදල් පාලනය හා අයවැය හදාගැනීම යටතේ මෙය වැඩිදුර විස්තර කර ඇත.)

50/30/20 රීතිය (Money Management)

ආදායම Needs (50%), Wants (30%), Savings (20%) ලෙස වෙන් කිරීම.

Emergency Fund එකක් ගොඩනැගීම

මාස 3-6 ක වියදම් වෙනම Liquid Fund එකක ආරක්ෂිතව තැබීම.

Investment Fund (Sinking Fund)

හදිසි අරමුදල සෑදූ පසු ආයෝජනයට පමණක් වෙනම මුදලක් වෙන් කිරීම.

Financial Literacy (දැනුම ලබාගැනීම)

ආයෝජන පොත්පත් සහ විශ්වාසනීය මූලාශ්‍ර භාවිතය.

4.2

ආදායම අනුව Portfolio එක වෙනස් කිරීම (Income Scaling)

4.3

කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ආයෝජන (Options)

4.4

මාසික ස්ථාවර ආදායමක් (Passive Income) ලබන ක්‍රම

4.5

බැංකු සහ රජයේ පොලී අනුපාත (Live Rates)

4.6

Investment Mindset එක හදාගැනීම

Simplebooks හි විශේෂ මූල්‍ය පාඩම් මාලාව බලන්න:

Simplebooks Investment Mindset Playlist
4.7

උද්ධමනය සහ Real Return එක තේරුම් ගැනීම

Real Return = Interest Rate - Inflation Rate

ඔබට බැංකුවෙන් 10% ක පොලියක් ලැබුණද උද්ධමනය 12% ක් නම්, ඔබේ මුදලේ සැබෑ අගය 2% කින් අඩු වේ.

4.8

වංචනික ආයෝජන (Pyramid Schemes) වලින් ආරක්ෂා වීම

අවධානයට: CBSL & SEC අනුමත ආයතන පමණක් තෝරාගන්න

අසාමාන්‍ය ලෙස ඉහළ ප්‍රතිලාභ ලබාදෙන බව පවසන පිරමීඩ සහ නීති විරෝධී ආයෝජන වලින් වැළකී සිටින්න. වංචනික ආයෝජන සහ පිරමිඩ යෝජනාක්‍රම (Pyramid Schemes) මඟින් සිදුවන මූල්‍ය හානිවලින් ආරක්ෂා වීම සඳහා මූලික දැනුවත්භාවය සහ විමසිලිමත් බව ඉතා වැදගත් වේ.


වංචනික ආයෝජන හඳුනාගන්නා ආකාරය (Red Flags)

අසාමාන්‍ය ලෙස ඉහළ ප්‍රතිලාභ: කෙටි කාලයකින් කිසිදු අවදානමකින් තොරව අධික ලාභ ලබාදෙන බවට දෙන පොරොන්දු.

නව සාමාජිකයන් එකතු කිරීම ප්‍රධාන වීම: සැබෑ භාණ්ඩයක් හෝ සේවාවක් විකිණීමට වඩා, අලුතින් සාමාජිකයන් බැඳගැනීම මත පමණක් කොමිස් හෝ ලාභ ගෙවීම.

අපැහැදිලි ව්‍යාපාරික ආකෘතිය: ආයෝජනය කරන මුදල් යොදවන්නේ කුමන ක්ෂේත්‍රයකටද යන්න පැහැදිලිව නොකියන අතර එය රහසක් ලෙස තබාගැනීම.

නියාමනයක් නොමැතිකම: ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) හෝ පිළිගත් නිල මූල්‍ය අධිකාරියක ලියාපදිංචිය හෝ අනුමැතිය නොමැති වීම.

තීරණ ගැනීමට හදිසි කිරීම: "මෙය සීමිත අවස්ථාවක්" යැයි පවසමින් සිතාබැලීමට කාලය නොදී ක්ෂණිකව මුදල් තැන්පත් කිරීමට බලපෑම් කිරීම.


ආරක්ෂා වීමට ගතහැකි පියවර

නිල ලියාපදිංචිය පරීක්ෂා කරන්න: මුදල් ආයෝජනයට පෙර අදාළ ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක්ද යන්න cbsl.gov.lk නිල වෙබ් අඩවිය හරහා තහවුරු කරගන්න.

තර්කානුකූලව ප්‍රශ්න කරන්න: ලාභය උපදවන සැබෑ ක්‍රමය කුමක්ද, සහ ආයතනය පාඩු ලැබුවහොත් ඔබේ මුදල්වලට සිදුවන්නේ කුමක්ද යන්න පැහැදිලිව විමසන්න.

පහසුවෙන් මුදල් ඉපයීමේ උගුල්වලට හසුනොවන්න: මහන්සියක් සහ අවදානමක් නැතුව ඉතා ලෙහෙසියෙන් කෙටි කාලයකින් පොහොසත් විය හැකි ක්‍රම නොමැති බව තේරුම් ගන්න.

පෞද්ගලික හඳුනාගැනීම් මත පමණක් විශ්වාස නොකරන්න: යහළුවන්, ඥාතීන් හෝ ප්‍රකට පුද්ගලයන් නිර්දේශ කළ පමණින් පරීක්ෂා කිරීමකින් තොරව මුදල් යොදවන්න එපා. (බොහෝවිට ඔවුන්ද මෙම උගුලට හසුවී සිටිය හැක).

ඩිජිටල් ආරක්ෂාව තහවුරු කරගන්න: අන්තර්ජාලය හෝ ඇප් (Apps) හරහා සිදුකරන ආයෝජනවලදී OTP අංක, මුරපද (Passwords) හෝ බැංකු තොරතුරු කිසිවෙකුට ලබානොදෙන්න.

ඔබේ මහන්සියෙන් උපයාගත් මුදල් යෙදවීමට පෙර සෑම විටම "පරීක්ෂා කර, තහවුරු කර, ආයෝජනය කරන්න".

4.9

ආයෝජන සඳහා අදාළ බදු (WHT & Capital Gains)

බැංකු පොලී මත කැපෙන Withholding Tax (WHT) සහ කොටස්/ඉඩම් විකිණීමේදී අදාළ වන බදු මුදල් පිළිබඳ මූලික අවබෝධය.

4.10

රුපියල බාල්දු වීමෙන් ආරක්ෂා වීම (Gold & USD Hedging)

රුපියල අවප්‍රමාණය වන අවස්ථාවලදී ධනය ආරක්ෂා කරගැනීමට Gold (රත්තරන්) සහ USD Accounts (RFC) භාවිතය.